Thursday 11 June 2015

බ්ලොග් ලිවීම පටන් ගැනීම

     මාගේ මුල් නිවස සහ පැරණිම මතකයන්.




ලියා පදිංචි තැපැල් ලේකනය  ලියල දුන්න. කරන්න දෙයක් නෑ.මට මතක් උනා පුංචිම කාලේ චිත්‍ර කතා පත්තර බලපු හැටි.ඉතින් දැන් කාලේ  ඔය පත්තර මොකුත්ම නෑ මම හිතන්නේ. නිකමට හිතුන ගූගල් ඉමේජ්  සර්ච්  පාරක් දාන්න චිත්‍ර කතා කියල . දැම්ම විතරයි  මෙන්න බොලේ  ආපි පරණ සිත්තර පත්තර පිටු වගයක්. ඒවා 1976 පත්තර මම ඉපදුනේ 1974 නේ . ඉතින් 1976 ගැන මතකයක් මට කොයින්ද.
මගේ ජීවිතේ මට මතක  පැරණිම සිදුවීම තමයි 1978 නැත්නම්  1979  අවුරුද්දේ  නැගෙනහිර පළාතේ මහා ගංවතුර සිද්දිය. මට යන්තම් මතකයි අපේ අම්මමලගේ මහ ගෙදරදී  අපේ  ආතා ඔය ගැන කියනවා. ඒ කාලේ  අපේ ගේ තිබුනේ ආතලගේ ඉඩමෙමයි . අපේ ගෙදර මැටි ගහල ටකරන් සෙවිලි කරලා තිබුනේ. පොඩි කුස්සියයි  මැද කාමරයයි  ඉදිරිපස කාමරයයි. මැද කාමරයේ ඇදක් තිබුන. මැද කාමරයේ නැගෙනහිර පැත්තෙන්  සහ බටහිර පැත්තෙන් ජනෙල් දෙකක් තිබුණා. තව වීදුරු කැබිනෙට් එකකුත් තිබුණා. කුස්සියේ  දොර ලෑලි දමා වැසිය හැකි එකක්. ඒ දොර නැගෙනහිර දෙසට යොමුවෙලා තිබුනේ. කුස්සියේ බටහිර අතට වෙන්න ළිප බැදල තිබුණ අතර ලිපට ඉහලින් දුම්මැස්ස තිබුණා. ගෙයි ඉදිරිපස දිග ගලක් පඩිය ලෙස තිබුනා.

ගෙය ඉදිරිපස රබුටන් ගසක් තිබුණ අතර ගෙය වටා නැගෙනහිර සහ ඊසාන දිගින් , තරමක කන්දක  විශාල වනස්පතියක්  පිහිට තිබුණා. එම වනාන්තරයේ රෑන දෙල්, ඉද්ද, වේවැල් ,කිතුල් ,කොස් ,ගිනිකූරු, ආදී  වවිධ වර්ගයන්ට අයත් ගස් විශාල ප්‍රමාණයක් පිහිටියා. එම කාලය සහිත ඉඩම අයිති වූයේ මගේ හෝඩි  පන්තියේ මිත්‍ර බමුණුසිංහලගේ පවුලටය.
සෑම පැහැබර උදෑසනකම දැකිය හැකි  ගෙය ඉදිරිපස මහා ගස් අතරින් පෙරී එන හිරු කිරණ වල දර්ශනය මට තාමත් මතකය. ගෙය ඉදිරිපිට සුදුවැලි සහිත කුඩා මිදුල ....... එම සුදු වැලි මත පැනයන කුඩා කළු පැහැති ටික්කන්  වර්ගය මට තාමත්  මතකය. කුඩා ටික්කන් මුලින්ම දුටු  අවස්ථාව මට මතකයි... තරමක  අව්ව පැවතී උදයක කිසියම් අවශ්‍යතාවයකට  අම්මා විසින්  සුදු බේසමකට ජලය පුරවා  මිදුලේ තැබූ අවස්ථාවක  තැනින් තැන පනින ටික්කන් ජල තලය මතට  පැනීමත් උන් පිහිනා යාමත් දැක කුඩා මා පුදුමයටත් සතුටටත් පත්විය.

මගේ කතාව පටන් ගත විධිය  නීරස වෙන්න ඇති . ඒත් ලියන්න ගොඩක් රසවත් දේවල් තියෙනවා. බලමු මගේ කතාව ලස්සනට ගලපාගෙන ලියන්න හැකිවේද කියලා.? කොහොම උනත් google sinhala input මගේ කතාව ලියන්න ලොකු පහසුවක් උනා. මට මතකයි 1991 මම  සාමාන්‍ය පෙළ ලියන අවුරුද්දේ  පල්ල්ලෙහා ලොකුතාත්තලගේ රන්ජි අය්ය දීපු කෝලප් ඩයරියක මගේ  දින පොත් ලියන්න ගත්තා... දිගටම ලිව්වා... ඒත්
2002 දෙසැම්බර් 31 මගේ දිනපොත් සහ ගෑනු ලමයි එක්ක මාරු කරගත්තු  ලියුම් ඔක්කොම පුච්චලා දැම්ම.(මොකද 2003 අවුරුද්දෙනෙ මම විවාහ වෙන්න යොදාගෙන තිබුනේ........) කොලවල ලියපු  හැමදේම පුච්චලා දැම්මම  අතීත්ටය අමතක කරන්න හැකිවීවී කියල මම හිතුවා.   කොහොම උනත්ඒ කාලෙන්  පස්සේ නැවත ජීවිතය ලියන්න පටන් ගන්නවා..... බලමු මොකද වෙන්නේ කියල..?