sinhala
Wednesday, 2 May 2018
Sunday, 10 January 2016
1981 ගොයම් පෑගීම
1981 වෙද්දී මගේ වයස අවුරුදු හතයි . ඒ කියන්නේ එක ශ්‍රේණියේ. අපි ඉස්කෝලෙට භාර දුන්නේ 1980 දි තමයි. මුල්ම අවුරුද්දේ ඉන්නේ පහල බාලංශය හෙවත් හෝඩියේ. ඉතින් ඉස්සර කවියක් තිබිණා එකේ පන්තියේ උන් හෝඩියේ උන්ට කියන.... " පල් හෝඩියේ පොල් ගානවා..... එකට එන්න බඩගානවා " කියලා. කොහොම උනත් ඔය හෝඩි කතාවයි ශ්‍රේණි කතාවයි නැති කරන්නේ, 1986 විතර ආපු මොකක් හරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණකරනයකුත් එක්කයි. ඊට පස්සේ ඉතින් හෝඩිය 1 වසර උනා එක ශ්‍රේණිය 2 වසර උනා. ඉතින් ඊට පස්සේ ඉස්කෝලේ පන්ති ටික එක වසරේ ඉදං දහතුන වසර වෙනකං උනා. අපි 1986 වෙද්දී පරණ ක්‍රමයට හය ශ්‍රේණියේ. නියෝජ්‍ය විදුහල්පති ධර්මසේන මහත්තය "තමුන්ගේ පන්තිය මොකක්ද ? " කියලා ඇහුවම නිකං කොර වෙලා යනව. හය ශ්‍රේණියද ? හය වසරද ? හත ශ්‍රේණියද? හත වසරද? කියන්නේ කියලා..
ඉතිං කොහොම හරි කතාව පටන් ගමුකො.... ඔය කාලේ වෙද්දී මගේ ලෝකයේ වීරයා උනේ අපේ ආතා... ඒ කියන්නේ අපේ අම්මගේ තාත්ත ... නමින් එස්.එම්.ඒ.විලියොංසිංඤා්...
ආතා කියන කතා අතරින් මම ආසම කරන කතාව තමයි උම්මංග ජාතකය...ඊට අමතරව හොල්මන් කතා, තොවිල් කතා ,දක්ෂ කට්ටඩියෝ යක්කු, මල පෙරේතයෝ අල්ලපු හැටි , ආතා තරුණ කාලේ දඩයමේ ගිය හැටි තව ...... අපේ පළාත්වල අය ඇලහැර , ඔක්කම්පිටියේ ගිහින් ඉටිකොළ වාඩි ගහගෙන මහ වනන්තරේ මැණික් ගරපු හැටි ...... මහ වැස්සේ දඩයමේ ගිහින් ගෝන්නු දඩයම් කරලා මස් කරලා මැහි ගහලා මස් වේලපු හැටි බොහොම ලස්සනට කියනවා.....
කොහොම හරි මේ අවදිය වනවිට අපේ රත්නපුර කුරුවිට ප්‍ර්‍ර්‍ර්‍රදේශවල ගොයම් පෑගීම කලේ මීහරකුන්ගෙන් ..... කමත් භාෂාවෙන් ඉතිං අම්බරුවන්ගෙන් තමයි....
අපේ තාත්තට තිබුනෙ ලියදි තුනක විතර පොඩි කුඹුරක්.....ඒක හදල තිබුනෙ අත්හැරල දාපු තේ ඉඩමක් අස්වද්දල...... ඒ කුඹුර සරු නැහැ......වැලි සහිත මලකඩ සහිත පසක් තමයි තිබුනෙ....
තාත්තගෙ කුඹුරත් යාබදව තිබුන ලොකු තාත්තගෙ කුඹුරත් තිබුනෙ කරපිංච කෘෂිකර්ම විද්‍යාල ඉඩමට මායිමේ......
ආතගෙ කුඹුරෙ ප්‍රමානයයිඅස්වැන්නයි එක්කබැලුවම අපේ තාත්තගෙ කුඹුර මහන්සියෙ තරමටත් පාඩුයි......
ඉතිං ගොයම් පෑගීම කියල ඇහෙන කොටත් මට මතක් වෙන්නෙ ආතලගෙ මහ කුඹුරෙ ගොයම් කපා පෑගීම තමයි.
ඔන්න ඉතිං ගොයම් පැහිල හොඳට වේලීගෙන එනකොට ආත කියනවා “ලබන සතියෙ ගොයම් කපන්න ලෑස්ති කරන්න ඕන“ කියල.....
ඒ කතාව ඇහෙන කොටම පුදුම සතුටක් හිතට දැනෙන්නෙ.....ඒක හරියට හෙට අළුත් අවුරුද්ද ලබනවා වගේ හැඟීමක්.....
ගොයම් කැපීමට දවස් දෙකකට විතර පෙර පටන් පුංචි අම්මලත් එක්ක මටත් රාජකාරියක් පැවරෙනවා..... ඒ තමයි අසල්වැසි ගෙවල් වලින් දෑකැති සහ ගෝනි පඩංගු එකතුරගෙන ඒම.
ගෝනි පඩංගු ගැන දැන්නම් අලුත් පරම්පරාවෙ අය දන්නෙ නැතුව ඇති...දැනට වසර ගනනකට පෙර සීනි... හාල්...පරිප්පු වැනි දේ බහාලීමට පාවිච්චි කරන ලද්දේ හණ ගසේ කෙඳි වලින් වියන ලද දුඹුරු ගෝනි නමින් හැඳින්වූ මළුය.
මෙම හිස් ගෝනි මළු වල මැහුම් ලිහා දිගහැර ගත් ගත්විට ලැබෙන අඩි 2 x 4 ප්‍රමානයේ කොටස් 15 ක් පමන එකිනෙක යාකර හන නූලෙන් මසා ගත් විශාල ඇතුරුම ගෝනි පඩංගුව නම් වේ....

Thursday, 27 August 2015
Thursday, 11 June 2015
බ්ලොග් ලිවීම පටන් ගැනීම
මාගේ මුල් නිවස සහ පැරණිම මතකයන්.
ලියා පදිංචි තැපැල් ලේකනය ලියල දුන්න. කරන්න දෙයක් නෑ.මට මතක් උනා පුංචිම කාලේ චිත්‍ර කතා පත්තර බලපු හැටි.ඉතින් දැන් කාලේ ඔය පත්තර මොකුත්ම නෑ මම හිතන්නේ. නිකමට හිතුන ගූගල් ඉමේජ් සර්ච් පාරක් දාන්න චිත්‍ර කතා කියල . දැම්ම විතරයි මෙන්න බොලේ ආපි පරණ සිත්තර පත්තර පිටු වගයක්. ඒවා 1976 පත්තර මම ඉපදුනේ 1974 නේ . ඉතින් 1976 ගැන මතකයක් මට කොයින්ද.
මගේ ජීවිතේ මට මතක පැරණිම සිදුවීම තමයි 1978 නැත්නම් 1979 අවුරුද්දේ නැගෙනහිර පළාතේ මහා ගංවතුර සිද්දිය. මට යන්තම් මතකයි අපේ අම්මමලගේ මහ ගෙදරදී අපේ ආතා ඔය ගැන කියනවා. ඒ කාලේ අපේ ගේ තිබුනේ ආතලගේ ඉඩමෙමයි . අපේ ගෙදර මැටි ගහල ටකරන් සෙවිලි කරලා තිබුනේ. පොඩි කුස්සියයි මැද කාමරයයි ඉදිරිපස කාමරයයි. මැද කාමරයේ ඇදක් තිබුන. මැද කාමරයේ නැගෙනහිර පැත්තෙන් සහ බටහිර පැත්තෙන් ජනෙල් දෙකක් තිබුණා. තව වීදුරු කැබිනෙට් එකකුත් තිබුණා. කුස්සියේ දොර ලෑලි දමා වැසිය හැකි එකක්. ඒ දොර නැගෙනහිර දෙසට යොමුවෙලා තිබුනේ. කුස්සියේ බටහිර අතට වෙන්න ළිප බැදල තිබුණ අතර ලිපට ඉහලින් දුම්මැස්ස තිබුණා. ගෙයි ඉදිරිපස දිග ගලක් පඩිය ලෙස තිබුනා.
ගෙය ඉදිරිපස රබුටන් ගසක් තිබුණ අතර ගෙය වටා නැගෙනහිර සහ ඊසාන දිගින් , තරමක කන්දක විශාල වනස්පතියක් පිහිට තිබුණා. එම වනාන්තරයේ රෑන දෙල්, ඉද්ද, වේවැල් ,කිතුල් ,කොස් ,ගිනිකූරු, ආදී වවිධ වර්ගයන්ට අයත් ගස් විශාල ප්‍රමාණයක් පිහිටියා. එම කාලය සහිත ඉඩම අයිති වූයේ මගේ හෝඩි පන්තියේ මිත්‍ර බමුණුසිංහලගේ පවුලටය.
සෑම පැහැබර උදෑසනකම දැකිය හැකි ගෙය ඉදිරිපස මහා ගස් අතරින් පෙරී එන හිරු කිරණ වල දර්ශනය මට තාමත් මතකය. ගෙය ඉදිරිපිට සුදුවැලි සහිත කුඩා මිදුල ....... එම සුදු වැලි මත පැනයන කුඩා කළු පැහැති ටික්කන් වර්ගය මට තාමත් මතකය. කුඩා ටික්කන් මුලින්ම දුටු අවස්ථාව මට මතකයි... තරමක අව්ව පැවතී උදයක කිසියම් අවශ්‍යතාවයකට අම්මා විසින් සුදු බේසමකට ජලය පුරවා මිදුලේ තැබූ අවස්ථාවක තැනින් තැන පනින ටික්කන් ජල තලය මතට පැනීමත් උන් පිහිනා යාමත් දැක කුඩා මා පුදුමයටත් සතුටටත් පත්විය.
මගේ කතාව පටන් ගත විධිය නීරස වෙන්න ඇති . ඒත් ලියන්න ගොඩක් රසවත් දේවල් තියෙනවා. බලමු මගේ කතාව ලස්සනට ගලපාගෙන ලියන්න හැකිවේද කියලා.? කොහොම උනත් google sinhala input මගේ කතාව ලියන්න ලොකු පහසුවක් උනා. මට මතකයි 1991 මම සාමාන්‍ය පෙළ ලියන අවුරුද්දේ පල්ල්ලෙහා ලොකුතාත්තලගේ රන්ජි අය්ය දීපු කෝලප් ඩයරියක මගේ දින පොත් ලියන්න ගත්තා... දිගටම ලිව්වා... ඒත්
2002 දෙසැම්බර් 31 මගේ දිනපොත් සහ ගෑනු ලමයි එක්ක මාරු කරගත්තු ලියුම් ඔක්කොම පුච්චලා දැම්ම.(මොකද 2003 අවුරුද්දෙනෙ මම විවාහ වෙන්න යොදාගෙන තිබුනේ........) කොලවල ලියපු හැමදේම පුච්චලා දැම්මම අතීත්ටය අමතක කරන්න හැකිවීවී කියල මම හිතුවා. කොහොම උනත්ඒ කාලෙන් පස්සේ නැවත ජීවිතය ලියන්න පටන් ගන්නවා..... බලමු මොකද වෙන්නේ කියල..?
Subscribe to:
Posts (Atom)