1981 ගොයම් පෑගීම
1981 වෙද්දී මගේ වයස අවුරුදු හතයි . ඒ කියන්නේ එක ශ්‍රේණියේ. අපි ඉස්කෝලෙට භාර දුන්නේ 1980 දි තමයි. මුල්ම අවුරුද්දේ ඉන්නේ පහල බාලංශය හෙවත් හෝඩියේ. ඉතින් ඉස්සර කවියක් තිබිණා එකේ පන්තියේ උන් හෝඩියේ උන්ට කියන.... " පල් හෝඩියේ පොල් ගානවා..... එකට එන්න බඩගානවා " කියලා. කොහොම උනත් ඔය හෝඩි කතාවයි ශ්‍රේණි කතාවයි නැති කරන්නේ, 1986 විතර ආපු මොකක් හරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණකරනයකුත් එක්කයි. ඊට පස්සේ ඉතින් හෝඩිය 1 වසර උනා එක ශ්‍රේණිය 2 වසර උනා. ඉතින් ඊට පස්සේ ඉස්කෝලේ පන්ති ටික එක වසරේ ඉදං දහතුන වසර වෙනකං උනා. අපි 1986 වෙද්දී පරණ ක්‍රමයට හය ශ්‍රේණියේ. නියෝජ්‍ය විදුහල්පති ධර්මසේන මහත්තය "තමුන්ගේ පන්තිය මොකක්ද ? " කියලා ඇහුවම නිකං කොර වෙලා යනව. හය ශ්‍රේණියද ? හය වසරද ? හත ශ්‍රේණියද? හත වසරද? කියන්නේ කියලා..
ඉතිං කොහොම හරි කතාව පටන් ගමුකො.... ඔය කාලේ වෙද්දී මගේ ලෝකයේ වීරයා උනේ අපේ ආතා... ඒ කියන්නේ අපේ අම්මගේ තාත්ත ... නමින් එස්.එම්.ඒ.විලියොංසිංඤා්...
ආතා කියන කතා අතරින් මම ආසම කරන කතාව තමයි උම්මංග ජාතකය...ඊට අමතරව හොල්මන් කතා, තොවිල් කතා ,දක්ෂ කට්ටඩියෝ යක්කු, මල පෙරේතයෝ අල්ලපු හැටි , ආතා තරුණ කාලේ දඩයමේ ගිය හැටි තව ...... අපේ පළාත්වල අය ඇලහැර , ඔක්කම්පිටියේ ගිහින් ඉටිකොළ වාඩි ගහගෙන මහ වනන්තරේ මැණික් ගරපු හැටි ...... මහ වැස්සේ දඩයමේ ගිහින් ගෝන්නු දඩයම් කරලා මස් කරලා මැහි ගහලා මස් වේලපු හැටි බොහොම ලස්සනට කියනවා.....
කොහොම හරි මේ අවදිය වනවිට අපේ රත්නපුර කුරුවිට ප්‍ර්‍ර්‍ර්‍රදේශවල ගොයම් පෑගීම කලේ මීහරකුන්ගෙන් ..... කමත් භාෂාවෙන් ඉතිං අම්බරුවන්ගෙන් තමයි....
අපේ තාත්තට තිබුනෙ ලියදි තුනක විතර පොඩි කුඹුරක්.....ඒක හදල තිබුනෙ අත්හැරල දාපු තේ ඉඩමක් අස්වද්දල...... ඒ කුඹුර සරු නැහැ......වැලි සහිත මලකඩ සහිත පසක් තමයි තිබුනෙ....
තාත්තගෙ කුඹුරත් යාබදව තිබුන ලොකු තාත්තගෙ කුඹුරත් තිබුනෙ කරපිංච කෘෂිකර්ම විද්‍යාල ඉඩමට මායිමේ......
ආතගෙ කුඹුරෙ ප්‍රමානයයිඅස්වැන්නයි එක්කබැලුවම අපේ තාත්තගෙ කුඹුර මහන්සියෙ තරමටත් පාඩුයි......
ඉතිං ගොයම් පෑගීම කියල ඇහෙන කොටත් මට මතක් වෙන්නෙ ආතලගෙ මහ කුඹුරෙ ගොයම් කපා පෑගීම තමයි.
ඔන්න ඉතිං ගොයම් පැහිල හොඳට වේලීගෙන එනකොට ආත කියනවා “ලබන සතියෙ ගොයම් කපන්න ලෑස්ති කරන්න ඕන“ කියල.....
ඒ කතාව ඇහෙන කොටම පුදුම සතුටක් හිතට දැනෙන්නෙ.....ඒක හරියට හෙට අළුත් අවුරුද්ද ලබනවා වගේ හැඟීමක්.....
ගොයම් කැපීමට දවස් දෙකකට විතර පෙර පටන් පුංචි අම්මලත් එක්ක මටත් රාජකාරියක් පැවරෙනවා..... ඒ තමයි අසල්වැසි ගෙවල් වලින් දෑකැති සහ ගෝනි පඩංගු එකතුරගෙන ඒම.
ගෝනි පඩංගු ගැන දැන්නම් අලුත් පරම්පරාවෙ අය දන්නෙ නැතුව ඇති...දැනට වසර ගනනකට පෙර සීනි... හාල්...පරිප්පු වැනි දේ බහාලීමට පාවිච්චි කරන ලද්දේ හණ ගසේ කෙඳි වලින් වියන ලද දුඹුරු ගෝනි නමින් හැඳින්වූ මළුය.
මෙම හිස් ගෝනි මළු වල මැහුම් ලිහා දිගහැර ගත් ගත්විට ලැබෙන අඩි 2 x 4 ප්‍රමානයේ කොටස් 15 ක් පමන එකිනෙක යාකර හන නූලෙන් මසා ගත් විශාල ඇතුරුම ගෝනි පඩංගුව නම් වේ....

බංගාරාටත් ලස්සන අතීයකට උරුමකම් කියලා තියෙනවා.
ReplyDeleteඅතීයකට=අතීතයකට
Deleteමමත් හරි ආසයි අපේ අම්මගේ තාත්තාගෙන් (අපි කිව්වේ සීය කියල ) කථා අහන්ඩ. Bro ගූගල් ඵලොවෙර් එක දාන්ඩ.
ReplyDeleteFollower Gadget එක කොයි ලෝකෙන් හරි හොයලා මේකෙ එල්ලන්න.. අපි වගේ අසරණයන්ට නැත්තං මේක ෆලෝ කරන්න බෑ...
ReplyDelete(Layout එකේ Add a gadget - More gadgets වල අන්තිම හරියෙ ඇති Follower කියල ගැජට් එකක්... )
මාත් අවුරුද්දක් හෝඩියෙ හොදි බිව්වා.
ReplyDeleteමේ පෝස්ට් එක ආතාගෙ කතාවලට පෙරවදනක්ද?
බොහොම ස්තූතියි
ReplyDeleteබොහොම ස්තූතියි
ReplyDeleteදෙවෙනි පෝස්ටුවෙන් වයසත් දැනගත්තා. ඉදිරියේදී ආතාගේ කියුම් කෙරුම් කියවන්න අපිත් ආසාවෙන් බලන් ඉන්නවා.
ReplyDeleteජයවේවා!!!
සමන් කවුද බලන්න ආවේ. හපොයි අවුරුද්දකින්ම මුකුත් ලියල නෑ නේ. :O
ReplyDelete